පාළු ළිඳකින් මතුවූ අභිරහස් මරණය

මාවතගම, පරගහදෙනිය ප්‍රදේශයේදී සැකකටයුතු ලෙස මියගිය 38 හැවිරිදි පුද්ගලයෙකුගේ මළ සිරුරක් මාවතගම පොලීසිය විසින් සොයාගෙන ඇත.

මාවතගම පොලිසියට ලද තොරතුරක් මත සිදුකළ මෙහෙයුමකදී මෙම මළ සිරුර සොයාගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කරයි.

පරගහදෙනිය ප්‍රදේශයේ පුද්ගලික ඉඩමක පිහිටි භාවිතයට නොගන්නා ළිඳක් තුළ තිබී එම මළ සිරුර සොයාගෙන ඇති බවද පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කරයි.

මෙම සැකකටයුතු මරණය සම්බන්ධයෙන් මාවතගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කර‍යි.

Advertisements
Advertisements
0 Comments
Most Voted
Newest Oldest