Advertisements

‘මැදවච්චියේ අක්කා’ සහ ‘වනාතේ බොක්කා’ අත්අඩංගුවට

ෆාතිමා රෙජිනා හෙවත් ‘මැදවච්චියේ අක්කා’ සහ ධනුෂ්ක පුෂ්පකුමාර නොහොත් ‘වනාතේ බොක්කා’ නමැති අඹුසැමි යුවළගේ දේපොළ සඳහා තහනමක් පනවා ඇත.

ඒ අනුව අතුරුගිරිය ශාන්තාලෝකගම පිහිටි රුපියල් කෝටි 04කට ආසන්න වටිනාකමෙන් යුත් නිවසක් දින 07ක කාලයක් සඳහා ක්‍රියා විරහිත කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය පියවර ගෙන ඇත.

මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයන ලද මුදල් මගින් මෙම වත්කම් මිලදීගත් බවට අනාවරණය වූ සැකයක් මත මෙම තහනම පනවා ඇත.

නිවසේ හිමිකරුවන් වූ ධනුෂ්ක පුෂ්පකුමාර නොහොත් ‘වනාතේ බොක්කා’ සහ ෆාතිමා රෙජිනා හෙවත් ‘මැදවච්චියේ අක්කා’ නමැති අඹුසැමි යුවළ මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇත.

Advertisements
0 Comments
Most Voted
Newest Oldest