Advertisements

වහාම මුදල් ගෙවන්න.. මෙන්ඩිස් සමාගමට අධිකරණයෙන් නියෝග

ඩබ්ලිව්.එම් මෙන්ඩිස් සහ සමාගම රජයට හිඟ තබා, නොගෙවා පැහැර ඇතැයි කියන වැට් බදු මුදල් අතපසු කිරීමකින් තොරව වහාම ගෙවා නිම කරන්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඕෂද මිගාර මහාරච්චි, එම සමාගමේ අධ්‍යක්ෂවරුන්ට නියෝග කළේය.

2016 – 2017 වර්ෂවලට අදාළව ඩබ්ලිව්. එම් මෙන්ඩිස් සහ සමාගම නොගෙවා පැහැර හැර ඇතියි කියන රුපියල් මිලියන 996ක බදු මුදලක් අයකර ගැනීම සඳහා දේශීය ආදායම් කොමසාරිස්වරයා විසින් පැවරූ නඩුව (23) දින කැඳවිය.

එහිදී 2023 පෙබරවාරි මාසයේ සිට මාසිකව ගෙවන රුපියල් මිලියන 5 බැගින් වූ හිඟ බදු මුදල් සඳහා සහනයක් සලසන ලෙසට කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කර ඇත.

තම සේවාදායකයාගේ සමාගමේ මත්පැන් බලපත්‍ර සුරාබදු දෙපාර්තමේන්තුව මගින් අත්හිටුවා මත්පැන් නිෂ්පාදනාගාර බැංකු මගින් වෙන්දේසි කිරීමට යොමු කර ඇති බැවින් හිඟ බදු මුදල් වාරිකය ගෙවීමට මූල්‍යමය දුෂ්කරතා පවතින බව විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට ප්‍රකාශ කළේය.

එහෙත් විත්තිකාර සමාගම මෙම බදු ගෙවීමට නියමිත කාලය ඉක්මවා ඇති බැවින් බදු මුදල් නිසි පරිදි ගෙවීමට කටයුතු කරන ලෙසට අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

අනතුරුව විමර්ශන ප්‍රගතිය මැයි මස (25) දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද අතිරේක මහේස්ත්‍රාත්වරයා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

Advertisements
Advertisements
0 Comments
Most Voted
Newest Oldest