මීගොඩ ප්‍රදේශයේදී දන්සැලකට කැබ් රථයක් කඩා වැදීමෙන් ඊයේ (31) දින මධ්‍යම රාත්‍රියේ පුද්ගලයින් 6 දෙනෙකු මියගොස් තවත් 7 දෙනෙකු තුවාල ලබා ඇත.
15 හැවිරිදි දැරියක්, කාන්තාවන් දෙදෙනෙක් සහ පිරිමි පුද්ගලයින් තුන්දෙනෙකු මියගිය පිරිස අතර වන බවත් තුවාල ලැබූ තවත් 7 දෙනෙකු හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලීසිය සඳහන් කරයි.
දන්සැල් පෝලිමේ සිටි වයස අවුරුදු 15, 32, සහ 56 හැවිරිදි කාන්තාවන් තිදෙනෙකු, වයස අවුරුදු 35 සහ 38 වයස්වල පසු වන පිරිමි පුද්ගලයින් තිදෙනෙකු මෙලෙස මියගොස් ඇත.
එලෙස මියගොස් ඇත්තේ, පිළියන්දල සහ අවිස්සාවේල්ල ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසක් බව පොලීසිය සඳහන් කරයි.
අනතුර සිදුකළ රියැදුරු පළාගොස් ඇති අතර එහිදී වහාම ක්‍රියාත්මක වූ පොලීසිය සැකකරු ලුහුබැඳ ගොස් ගිනි අවි පෙන්වා ඔහු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් අවස්ථාවේ රියැදුරු බීමත්ව සිට ඇති බවත් එම සැකකරු පිළියන්දල ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙක් බව පොලීසිය සඳහන් කරයි.
