Advertisements

නාමල් ඉදිරියේදී හිරගෙදර ජනාධිපති වෙයිද දන්නෑ

ජනාධිපති සිහිනය ඕන කෙනෙක්ට දකින්න පුළුවන් බවත් නාමල් රාජපක්ෂට තියෙන නඩු නිසා ඉදිරියේදී හිරගෙදර ජනාධිපති වෙන්න වෙයිද දන්නේ නැති බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ සඳහන් කරයි.

සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ,

ඉස්සර නං අවුරුදු 15ක් 16ක් නඩු ඇහුවලු දැන් ඉක්මනට නඩු අහනවා. ටිකක් බය වෙලා වගේ මේ කෙඳරි ගානකොට. කලින් කිවුවනේ අර හොරු ඇල්ලුවද, කෝ අරවද මේවද කියලා. දැන් ඒව කියන්නේ නෑ.

දැන් මේ නඩු අහනවා, බය වෙනවා. අපි බය නෑ. ඒගොල්ලන්ට බය නැතුව ඉන්න කියන්න. තමන්ගේ බාප්පලාට, ලොකු තාත්තලාට, ඔය හැංගිලා ඉන්න අයට. ඔය ඔක්කොටෝම ඇවිල්ලා උසාවිවල නඩු වලට මුහුණ දීලා මේ රටේ නීතියට මුහුණ දෙන්න කියන්න.

විශේෂයෙන්ම ජනාධිපති සිහින ඕන කෙනෙක්ට දකින්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි ඉතින් කොහේ ජනාධිපති වෙන්න වෙයිද දන්නෑ මේ තියෙන නඩු ගැන බලපුවාම. ඉතින් නාමල්ලට ඉස්සරහට කොහේ ජනාධිපති වෙන්න වෙයිද දන්නේ නෑ. සමහරවිට හිරගෙදර ජනාධිපති වෙන්න වෙයිද දන්නෑ.”

Advertisements
0 Comments
Most Voted
Newest Oldest