Advertisements
Advertisements

අවසාන කාලේ එනකොට ගැරඩින්ට භූමිතෙල් ගැහුවා වගේ දඟලන්නේ

LIVE

පසුගිය ආණ්ඩු සමයේ දේශපාලනීකරණය වෙච්ච පොලිස්පතිවරුන්ට සහ පොලීසියට සිදුවූ දේවල් වත්මන් පොලිස්පතිවරයාට සිදු නොකරන්න යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කරයි.

පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කළේ,

මම කියනවා තමයි. අහගෙන ඉන්න. ඇගට අමාරුයි. කියනකොට දැනෙනවා නේද. අපි දන්නවා නේ. ඔබතුමාලගේ දේශපාලන හැසිරීම පිළිබඳව පේනවා නේ. ගැරඩින්ට භූමිතෙල් ගැහුවා වගේ දඟලන්නේ.

ඒ හින්දා ඔබතුමාලා දන්නවා නම් පෙර දේශපාලනීකරණය වෙච්ච පොලිස්පතිවරුන්ට, පොලීසියට ගියපු කළදසාව ඔබතුමාලගේ පොලිස්පතිව අනාථ කරන්න එපා. මම මේ කියන්නේ ඒක. ඔහොම කිය කිය ඉන්න.

159ම විනෝද වෙන්න. ඔහොම තමයි අවසාන කාලේ වෙනකොට ඔය වගේ සිදුවීම් සිද්ධ වෙනවා. හැබැයි ඉතින් ඔබතුමාල මෙතන මේ කයිවාරු ගහන්න පුළුවන්. ඔබතුමාලා මෙතන දඟලන්න පුළුවන්. බොරු කියන්නත් පුළුවන්.

ඔබතුමාලට ඕන ඕන විදිහට චෝදනා හදන්නත් පුළුවන්, නගන්නත් පුළුවන්. කියවන්නත් පුළුවන්. හැබැයි ඉතිං මතක තියාගන්න.”

3 Comments
Most Voted
Newest Oldest