ශ්‍රී ලංකාවේ නාගරික පොදු ප්‍රවාහන සේවාව වඩාත් කාර්යක්ෂම හා විධිමත් කිරීමේ අරමුණින් ක්‍රියාත්මක “ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට්” බස් සේවාව සඳහා තවත් නව බස් රථ 104ක් ආනයනය කිරීමට අදාළ නිල ගිවිසුම් අත්සන් තැබීම අද (18) දින සිදු කෙරිණි.
බත්තරමුල්ල, කොස්වත්ත පිහිටි ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශ පරිශ්‍රයේදී මෙම සුවිශේෂී ගිවිසුම්ගත වීම සිදුවිය.
ගිවිසුම් ප්‍රකාරව මෙම නවීන බස් රථ 104ක ප්‍රමාණය එළඹෙන අගෝස්තු මස (15) වන විට මෙරටට ආනයනය කර අවසන් කිරීමට නියමිතය.
දැනට බස්නාහිර පළාත කේන්ද්‍ර කරගනිමින් කඩවත සහ රත්මලාන වැනි ප්‍රදේශවල ඉදිවෙමින් පවතින නව මෙට්‍රෝ සේවා අංගන ද සමඟින්, අගෝස්තු මාසයේදී මෙම බස් රථ ධාවනයට එක් කිරීම හරහා මෙරට පොදු ප්‍රවාහනයේ ගුණාත්මක හැරවුම් ලක්ෂ්‍යයක් ඇති කිරීමට රජය බලාපොරොත්තු වේ.
