පාකිස්තානයේ ඇෆ්ගන් දේශසීමාව අසල පිහිටි ආරක්ෂක මුරපොළකට සන්නද්ධ කල්ලියක් විසින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඇත.
මෙම ප්‍රහාරයෙන් සොල්දාදුවන් 12 දෙනෙකු ඇතුළු පුද්ගලයන් 15දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පාකිස්තාන හමුදාව සඳහන් කරයි.
ප්‍රාදේශීය තලේබාන් සංවිධානය (TTP) මෙම ප්‍රහාරයේ වගකීම භාරගෙන ඇති අතර මේ සඳහා මරාගෙන මැරෙන බෝම්බකරුවන් සිව්දෙනෙකු සම්බන්ධ වූ බව ඔවුන් සඳහන් කරයි.


