Advertisements

ජනපති – අගමැති කාර්යාල වාර්තා වලට කමිටුවේ අනුමැතිය

කාර්යසාධන වාර්තා පහකට රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමැතිය හිමිව ඇත.

කාර්යසාධන වාර්තා පහකට රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති  පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නජිත් ඉන්දිකගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී අනුමැතිය ලබාදී ඇත.   

2023 සහ 2024 වර්ෂවල ජනාධිපති ලේකම් කාර්යාලයේ කාර්යසාධන වාර්තා සහ 2024 වර්ෂයේ ජනාධිපති අරමුදලේ කාර්යසාධන වාර්තාව, කාරක සභාවේදී දීර්ඝ වශයෙන් සලකා බැලීමෙන් අනතුරුව අනුමත කිරීම සිදු විය.

තවද 2023 හා 2024 වර්ෂවල අග්‍රාමාත්‍ය කාර්යාලයේ වාර්ෂික කාර්යසාධන වාර්තාවන්ද කාරක සභාවේදී සලකා බැලීමෙන් අනතුරුව මෙලෙස අනුමත කර ඇත.

Advertisements
0 Comments
Most Voted
Newest Oldest