ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් අද (04) මඩකලපුව මහේස්ත්‍රාත් ඒ. දර්ශිනි හමුවට ඉදිරිපත් කළේය.
අද (04) මෙම නඩු විභාගයට සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ අධිකරණයට ඉදිරිපත් කළේය.
2008 වසරේ මඩකලපුව දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක සිදුවූ මිනීමැරුම් පහක් සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම නඩුව ගොනු කර ඇති අතර එහි තුන්වන සැකකරු ලෙස පිල්ලෙයාන් නම් කර ඇත.
කල්ලඩි ප්‍රදේශයේ සිදුවූ මිනීමැරුම් පහක් සහ ඉඩම් ආරවුලකට අදාළ චෝදනා තුනක් සම්බන්ධයෙන් පිල්ලෙයාන්ට එරෙහිව චෝදනා එල්ල වී ඇත.
අනතුරුව සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් අගෝස්තු (12) වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණය අද (04) නියෝග කළේය.

