Advertisements

ජනපති “රණවිරු සෙවණ” නිකේතනයේ ප්‍රතිකාර ලබන සෙබළුන්ගේ සුවදුක් විමසයි

ජනාධිපති අනුර කුමාර දිසානායක අද (19) දින රාගම පිහිටි “රණවිරු සෙවණ” සුවතා නිකේතනය වෙත ගොස් එහි නේවාසිකව ප්‍රතිකාර ලබන හමුදා සාමාජිකයන්ගේ සුවදුක් විමසීය.

මෙහිදී ඔවුන් සමග සුහද කතාබහක නිරත වූ ජනාධිපතිවරයා මාතෘ භූමියේ ඒකීයභාවය වෙනුවෙන් ඔවුන් සියලු දෙනා කළ කැපවීම අගය කළේය.

අනතුරුව “රණවිරු සෙවණ” සුවතා නිකේතනයෙහි සේවයේ නිරත වෛද්‍යවරුන් ප්‍රමුඛ කාර්ය මණ්ඩලය සමගද කතාබහක නිරත වූ ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රතිකාර ලබන හමුදා සාමාජිකයන් වෙනුවෙන් තවදුරටත් සැපයිය හැකි වෛද්‍ය සහ අනෙකුත් සේවා පහසුකම් පිළිබඳවද සොයා බැලීය.

Advertisements
0 Comments
Most Voted
Newest Oldest