රාගම ග්‍රාමසේවා වසම් තුනකට පැනවූ පොලිස් ඇඳිරිනීතිය ඉවත් කිරීමට පියවර ගෙන ඇත.
මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි රාගම ග්‍රාම සේවා වසම් තුනක් සඳහා පොලිස් ඇඳිරිනීතිය පැනවීමට ඊයේ (01) දින රාත්‍රියේ පියවර ගනු ලැබීය.
ඒ අනුව 246/කැන්දලියද්ද පාළුව – බටහිර, 246/සී කැන්දලියද්ද පාළුව – උතුර සහ 181/ජී දඹුව යන ග්‍රාමසේවා වසම් සඳහා මෙලෙස ඇඳිරි නීතිය පැනවීමට පොලීසිය පියවර ගෙන තිබූණි.
මේ වනවිට බන්ධනාගාරයේ තත්ත්වය පාලනය කර ඇති බැවින් එම ග්‍රාම සේවා වසම් 03 සඳහා පනවා තිබූ පොලිස් ඇඳිරි නීතිය මේ මොහොතේ සිට ඉවත් කිරීමට මේ වනවිට පියවර ගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි.

