Advertisements

ඉදිරි පැය 48 තුළ ගංවතුර තත්ත්වයක්

කැලණි ගඟ ආශ්‍රිතව ඉදිරි පැය 48 තුළ සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

කැලණි ගඟ ද්‍රෝණියේ ඇතැම් ස්ථාන වෙත මිලිමීටර් 300 කට ආසන්න සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

සීතාවක, දොම්පේ, පාදුක්ක, හෝමාගම, බියගම, කඩුවෙල, කොළොන්නාව, කැලණිය, වත්තල සහ කොළඹ ප්‍රදේශ රැසකට ඉදිරි පැය 48ක කාලය තුළ සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ හේතුවෙන් මෙම ප්‍රදේශ ආශ්‍රිත ජනතාව සහ එම මාර්ග භාවිත කරන රියදුරන් සහ මගීන් අවධානයෙන් යුතුව කටයුතු කරන ලෙසද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Advertisements
1 Comment
Most Voted
Newest Oldest