සැත්කමකින් පසුව වෛද්‍ය උපදෙස් මත මාස තුනක විවේක කාලයක් ගත කරන රනිල් වික්‍රමසිංහ තව මාසයකින් පමණ සම්පූර්ණයෙන්ම සුවය ලබා නැවත සක්‍රීය දේශපාලන කරලියට පැමිණෙන බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු මන්ත්‍රී සමන් රත්නප්‍රිය සඳහන් කරයි.
දැනටමත් ඒකාබද්ධ විපක්ෂය සහ විවිධ පිරිස් ඔහුව මුණගැසී උපදෙස් ලබාගන්නා බවත් රට ආර්ථික වශයෙන් අමාරුවේ වැටෙන විට මිනිසුන්ට රට ගොඩනැඟූ නායකයාව මතක් වීම සාධාරණ බවද සමන් රත්නප්‍රිය සඳහන් කරයි.
එහෙත් පාර්ලිමේන්තු පැමිණීමට රනිල් වික්‍රමසිංහට කිසිදු හදිස්සියක් නොමැති අතර රටටම එතුමාව අත්‍යවශ්‍ය වන බරපතළ මොහොතක් උදාවුවහොත් එම වගකීම පැහැර හැරීමට ඔහු සූදානම් නැති බවද සමන් රත්නප්‍රිය සඳහන් කරයි.
ආණ්ඩුවේ ප්‍රබලතම සාමාජිකයෙකු විසින් රනිල් වික්‍රමසිංහට වෙත දුරකථන ඇමතුමක් ලබාදී සාකච්ඡාවක් පවත්වා ඇතැයි යනුවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන තොරතුරු වල සත්‍යයක් පවතින බවද සමන් රත්නප්‍රිය සඳහන් කරයි.
රූපවාහිනි නාලිකාවක (28) පැවති දේශපාලන වැඩසටහනකදී සමන් රත්නප්‍රිය මේ බව සඳහන් කරයි.
