කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල තරුණයින් 11 දෙනෙකු 2008 වසරේදී පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමට සම්බන්ධ සැකකරුවෙකුට සැගව සිටීමට ආධාර අනුබල දුන්, සිද්ධියක සැකකරුවකු වශයෙන් අධිකරණයට ඉදිරිපත් වූ හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න ඇප මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.
ඒ අනුව රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන නියෝග කළේය.
අනතුරුව නඩුව විභාගය සඳහා දෙසැම්බර් මස (09) වනදා කැඳවන ලෙස මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

