“භාෂාවට බයවෙන්න එපා දන්න භාෂාවකින් විවාද කරමු” සජිත් අභියෝගය ලිහිල් කරයි.!

තණමල්විල කෙත්සිරිගම කනිෂ්ඨ විද්‍යාලයේ පැවති සක්වල වැඩසටහනක් වෙත සහභාගී වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ දිනවල කතාබහට ලක්වෙන සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර විවාදය සම්බන්ධව අදහස් ප්‍රකාශ කළේය.

එහිදී සජිත් ප්‍රේමදා සඳහන් කර සිටියේ නිවට ලෙස පැන නොයා ඕනෑම භාෂාවකින් විවාද කරන්න පැමිණෙන ලෙස තමන් යළි ආරාධනා කරන බවයි.

කණ්ඩායම් දෙක එකට දමා වාද විවාද කර කාගේ වැඩපිළිවෙල ද හොඳ යැයි තේරුම් ජනතාවට තේරුම් ගැනීමට අවස්ථාව දිය යුතු බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

කෙසේවෙතත් ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ සමඟි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස වෙත මුල්ම විවාදයක් සඳහා අභියෝග කළේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක බවයි.

මෙරට සමස්ත අර්බුදයෙන් ගොඩගැනීමේ ක්‍රමවේදය පිළිබඳ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස සමඟ ඕනෑම මට්ටමේ විවාදයට ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සූදානම් බවත් යම් හෙයකින් එවැනි විවාදයකට සජිත් ප්‍රේමදාස සූදානම් නොමැතිනම් සහ එවැන්නක් නොපැවැත්වෙන්නේ නම් ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සලය, සමගි ජන බලවේගයේ ඒ හා සමාන නියෝජනයක් දරන කණ්ඩායමක් විවාදයක් පැවැත්වීමට සුදුසු බවත් එම නිවේදනයේ සඳහන්.

කෙසේ වෙතත් මෙම විවාදය සම්බන්ධව අසත්‍ය තොරතුරු සමාජගත කිරීමෙන් වළකින ලෙස සමගි ජන බලවේගයට සම්බන්ධ සියලු පාර්ශ්වවලින් ඉල්ලා සිටින බවත්, එම අසත්‍ය තොරතුරුවලින් නොමඟ නොයන ලෙසට ජනතාවගෙන් ඉල්ලා සිටින බව ද වෛද්‍ය නලින්ද ජයතිස්ස වැඩි දුරටත් පවසා ඇත.

Loading

 
 
 
Tell me 💬
Notify of
guest
9 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close