සරණගේ තවත් අල්ලස් නඩුවකට තහනමක්

සිරදඬුවම් නියම වු හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධනට එරෙහිව කොළඹ මහාධිකරණය අංක 11 අධිකරණයේ විභාග වන තවත් අල්ලස් නඩුවකට අදාළව ඉදිරි පියවර ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇත.

සරණ ගුණවර්ධන සිය නීතිඥවරු මාර්ගයෙන් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් පසුව අභියාචනාදීකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් අද (14) දින මෙම නියෝගය නිකුත් කර ඇත.

0 Comments
Most Voted
Newest Oldest