සංවිධානාත්මක අපරාධකරුවෙකුට මෙරටින් පලායෑම සඳහා වෙනත් පුද්ගලයෙකුගේ නමකින් ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් කූට ලෙස සකස් කිරීම සම්බන්ධව පාර්ලිමේන්තු හා අමාත්‍ය මණ්ඩල අංශයේ, ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශයේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය මගින් සිදු කරගෙන යනු ලබන විමර්ශනයකට අදාළව (26) පස්වරුවේදී ඔහුව අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 41ක් වන මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහු මීට පෙර ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විදේශ දූත මණ්ඩල අංශයේ නියෝජ්‍ය පාලකවරයා වශයෙන් සේවය කරන ලද කාලය තුළ මෙම අපරාධය සිදුකර ඇත.
