Advertisements

ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඩොලර් බිලියන 7.3 පනී

මෙම වසරේ මුල් මාස පහ තුළ ශ්‍රී ලංකාවේ අපනයන අංශය සැලකිය යුතු වර්ධනයක් වාර්තා කරමින් සමස්ත අපනයන ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 7.3 සීමාව ඉක්මවා ගොස් ඇත.

ශ්‍රී ලංකා රේගුව විසින් නිකුත් කළ තාවකාලික දත්ත, මැණික් හා ස්වර්ණාභරණ සහ ඛනිජ තෙල් නිෂ්පාදන සඳහා වූ ඇස්තමේන්තුගත සංඛ්‍යාලේඛන අනුව, 2026 ජනවාරි සිට මැයි දක්වා කාලය තුළ භාණ්ඩ හා සේවා අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 7,393.39ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

පසුගිය 2025 වසරේ අනුරූප කාලසීමාවට සාපේක්ෂව එය සියයට 7.56ක වර්ධනයක් වන අතර එම කාලය තුළ වෙළඳ භාණ්ඩ අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 5,758.44ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එය සියයට 7.63ක වර්ධනයකි.

සේවා අපනයන අංශයද අමෙරිකානු ඩොලර් මිලියන 1,634.95ක ආදායමක් උපයා ඇති අතර එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 7.31ක ඉහළ යාමක් වන අතර 2026 මැයි මාසයේදී පමණක් වෙ‍ෙළඳ භාණ්ඩ අපනයනය සියයට 18.25කින් සහ සේවා අපනයනය සියයට 18.67කින් වර්ධනය වී ඇත.

Advertisements
Advertisements
0 Comments
Most Voted
Newest Oldest