Advertisements

ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කරයි

2026 මැයි (20) වන දින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් කරන ලද ඉල්ලීමකට අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කිරීමට තරුණ හා ක්‍රීඩා කටයුතු අමාත්‍ය සුනිල් කුමාර ගමගේගේ අනුමැතිය හිමිව ඇත.

සමාජිකයින් පස් දෙනෙකුගෙන් සමන්විත මෙම කමිටුවේ සභාපති ධුරය කපිල විජේගුණවර්ධනට හිමිව ඇති අතර අමල් සිල්වා, බ්‍රෙන්ඩන් කුරුප්පු, වරුණ වරාගොඩ සහ වැනීසා ද සිල්වා මෙහි සෙසු සමාජිකයන් ලෙස කටයුතු කරයි.

1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ 39 (1) වගන්තිය සහ 2025 මැයි (21) දිනැති අංක 2437/24 දරන විශේෂ ගැසට් නිවේදනය මගින් අමාත්‍යවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම නව තේරීම් කමිටු සාමාජිකයින් පත් කර ඇත.

Advertisements
Advertisements
0 Comments
Most Voted
Newest Oldest