අම්පාර මායාදුන්න ප්‍රදේශයේදී 15 හැවිරිදි පාසල් සිසුවෙකු වෙඩි තබාගෙන සියදිවි හානිකර ගෙන ඇති බව පොලීසිය සදහන් කරයි.
පාසල නිමා වී යළි නිවසට පැමිණීමෙන් අනතුරුව මෙම සිසුවා නිවස පිටුපස පිහිටි ස්ථානයකට ගොස් වෙඩි තබාගෙන ඇති බව විමර්ශන වලදී අනාවරණය වු බව පොලීසිය සදහන් කරයි.
තම නිවසේ තිබූ බලපත්‍රයක් නොමැති බෝර 12 ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකරගෙන ඇති අතර වෙඩි තබා ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.