හෙට (12) දිනයේ සිට නැවත දැනුම් දෙනතුරු දුමිරිය ගමන්වාර 42ක් දිනකට අවලංගු කිරීමට පියවර ගෙන ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරයි.
ප්රධාන මාර්ගයේ දුම්රිය ගමන්වාර 20ක්, පුත්තලම් මාර්ගයේ ගමන්වාර 04ක්, කැළණිවැලි මාර්ගයේ දුම්රිය ගමන්වාර 02ක්, මුහුබඩ මාර්ගයේ දුම්රිය ගමන්වාර 16ක් මෙලෙස අවලංගු කරයි.
හෙට සිට දුම්රිය ධාවනය සඳහා ප්රමාණවත් කාර්යමණ්ඩලය නොමැතිවීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරයි.