Advertisements

වාහන අංක තහඩු ගැන දැනුම්දීමක්

පසුගිය 2023 සහ 2024 වසරවල මුද්‍රිත, මෙතෙක් ලබානොගත් වාහන අංක තහඩු ජුනි (31) දිනට පෙර කඩිනමින් ලබාගන්නා ලෙස මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් වාහන හිමිකරුවන්ට දැනුම්දීමක් සිදුකර ඇත.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් 2023 සහ 2024 වර්ෂයන් හිදී මුද්‍රණය කරන ලද, එහෙත් වාහන හිමිකරුවන් විසින් මෙතෙක් රැගෙන ගොස් නොමැති වාහන අංක තහඩු ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් දෙපාර්තමේන්තු පරිශ්‍රයන්හි ගොඩගැසී ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

කොළඹ දිස්ත්‍රික්කයට අදාළව නාරාහේන්පිට පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයේ මෙන්ම, දිවයින පුරා පිහිටි අනෙකුත් දිස්ත්‍රික් කාර්යාල වලද මෙලෙස විශාල වශයෙන් අංක තහඩු ඒක රාශී වී පවතින බව සඳහන් කරයි.

ඒ අනුව 2023 සහ 2024 වර්ෂවලදී වාහන අංක තහඩු සඳහා ඉල්ලුම් කර, ඒවා මෙතෙක් ලබා නොගත් සියලුම වාහන හිමිකරුවන් 2026 ජුනි මස (30) වන දිනට පෙර නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලයෙන් ලබා ගත යුතු වාහන අංක තහඩු නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලයෙන් ලබාගන්නා ලෙස දැනුම් දෙයි.

අනෙකුත් දිස්ත්‍රික්කවලින් ලබාගත යුතු වාහන අංක තහඩු අදාළ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු ශාඛා වෙත පැමිණ ඒවා කඩිනමින් ලබාගන්නා ලෙසද මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

Advertisements
Advertisements
0 Comments
Most Voted
Newest Oldest