රාජ්‍ය වෙසක් උත්සවයේ නිල වැඩසටහන එළඹෙන මැයි (30) වැනිදා යොදාගෙන ඇති හෙයින්, එදිනට පසුදින රජයේ නිවාඩුවක් බවට ප්‍රකාශයට පත්කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් මෙම අති විශේෂ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කර ඇත.
ඒ අනුව මැයි (02) වැනිදාට යෙදී තිබූ නිවාඩුව, මැයි (31) ලෙසින් සංශෝධනය කර ඇත.


