Advertisements

වනවාසල දුම්රිය අනතුරේ හානිය

වනවාසල දුම්රිය අනතුර හේතුවෙන් දුම්රිය මාර්ග පද්ධතියට ලක්ෂ 17කට ආසන්න හානියක් සිදුව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙම අනතුර හේතුවෙන් අඩි 200කට ආසන්න ප්‍රමාණයක දුම්රිය පීලි, සිල්පර සහ දුම්රිය මාර්ග කොටස් වලට හානි සිදුව ඇති බව එහි මාර්ග හා කර්මාන්ත උප දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එම හානි වූ කොටස් මේ වනවිට පිළිසකර කර ඇති බවද දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ අතර දුම්රිය සංඥා පද්ධතියට සහ දුම්රිය මැදිරි හානි තක්සේරුව මේ වනවිට සිදු කරමින් පවතින බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එම අංශ දෙකෙහි තක්සේරුව සහ මාර්ග පද්ධතියට වු හානිය තක්සේරුව එකතු කර සම්පුර්ණ හානිය ඉදිරි දින කිහිපය තුළ ප්‍රවහන සහ මහාමාර්ග අමාත්‍යංශයට ලබා දීමට නියමිතය.

Advertisements
Advertisements
0 Comments
Most Voted
Newest Oldest