අද (03) දින අත්අඩංගුවට ගත් හිටපු නාවික හමුදාපති, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන එයි.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අද පෙ.ව. 10.05ට පමණ හිටපු නාවික හමුදාපති, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ අත්අඩංගුවට ගත්තේය.
2006 වසරේ නාවික හමුදාවේ විධායක අංශය සඳහා ශිෂ්‍ය භට නිලධාරීන් බඳවා ගැනීමේදී, නියමිත සුදුසුකම් සපුරා නොතිබූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂව එම තනතුරට බඳවා ගැනීම සහ එවකට පැවති පිළිගත් ක්‍රමවේදයෙන් බැහැරව රජයේ මුදල් වැය කරමින් යෝෂිත රාජපක්ෂට බ්‍රිතාන්‍ය රාජකීය නාවික විද්‍යාලයේ පුහුණු පාඨමාලාවකට සහභාගී වීමට අවස්ථාව සලසා දීම ඔහුට එරෙහිව ඇති චෝදනා වේ.
