Advertisements

ප්‍රදේශ කිහිපයකට පැය 24ක ජල කප්පාදුවක්

අද (24) පැය 24ක ජල කප්පාදුවක් සිදුකිරීමට නියමිත බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.

ඒ අනුව අද රාත්‍රී 8.00 සිට හෙට (25) රාත්‍රී 8.00 දක්වා වූ කාලය තුළ පාදුක්ක, හෝමාගම, කොට්ටාව, පන්නිපිටිය හා පැලැන්වත්ත යන ප්‍රදේශ සඳහා මෙම ජල කප්පාදුව සිදුකිරීමට නියමිතය.

තවද මහරගම ප්‍රදේශයට ජලය අඩුපීඩනය යටතේ සැපයෙන බවද ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල කප්පාදුව සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.

Advertisements
Advertisements
0 Comments
Most Voted
Newest Oldest