මේ වගේ පාලනයක් ඡන්දෙන් පත් කරපු මේ රටේ මිනිස්සුන්ට හෙන ගහන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ සඳහන් කරයි.
පාර්ලිමේන්තුව අසල පිහිටා ඇති රණවිරු ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීමට පැමිණි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ සහ පොලීසිය අතර අද (18) උණුසුම් තත්ත්වයක් ඇතිවිය.
එම අවස්තාවේදි ආරක්ෂක අංශ නිලධාරීන් විමල් වීරවංශ ඇතුළු පිරිසට රණවිරු ස්මාරකය අසලට පැමිණ පුෂ්පෝපහාර දැක්වීමට ඉඩ ලබා නොදීමත් සමඟ මෙම උණුසුම් තත්ත්වය ඇතිවිය.
එහිදී හිටපු මන්ත්‍රී විමල් වීරවංශ සඳහන් කළේ,
“මේ රටේ මිනිස්සුන්ට හෙන ගහනවා මේ වගේ කාලකන්නි පාලනයක් මේ රටේ ඡන්ද බලයෙන් පත් කෙරුවට. ඕගොල්ලෝ අයින් වෙන්න මෙතන මල් ටික තියන්න. මෙතන මල් ටික තියන්න දෙන්න. මෙතන බැරි ඇයි.
මෙතන බැරි ඇයි. අපි දැන් මෙතනට ආපු එකේ ඇයි බැරි. ජනාධිපතියගේ ඕඩර් එකක්ද ඕනේ. ඉන්නවා අර පොලිස්පතියෙක්. ඒකව හොදයි කුඹුරේ ගිහිල්ලා හිටවන්න.”
මේ අතර රණවිරු සැමරුම් පෙරහුරුව පැවති කටයුතු වලට බාධා කළැයි හිටපු මන්ත්‍රී විමල් වීරවංශ ඇතුළු කණ්ඩායමට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව පොලීසිය සඳහන් කරයි.

