ග්‍රීන්ලන්තය ඈඳා ගැනීමේ වැඩපිළිවෙලට එරෙහිව කටයුතු කරන රටවලට එරෙහිව නව තීරුබදු පනවන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා ඇත.
ධවල මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකදී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කළේ,
“ජාතික ආරක්ෂාව සඳහා අපට ග්‍රීන්ලන්තය අවශ්‍යයි. ග්‍රීන්ලන්තය සමග ඔවුන් එකග නොවන්නේ නම්, මට එම රටවල් මත තීරුබදු පැනවිය හැකියි.”
එහෙත් නව තීරුබදු පනවනු ලබන්නේ කුමන රටවලටද යන්න හෝ එම එම රටවලට එරෙහිව අනුගමනය කරන බදු ප්‍රතිපත්තිය කුමක් ද යන්න හෙළිකර නොමැත.
අමෙරිකාවේ ආරක්ෂාව සඳහා ග්‍රීන්ලන්තය අත්‍යවශ්‍ය බවත් එය පහසු වුවත් අපහසු වුවත් කෙසේ හෝ අත්පත් කරගන්නා බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කළේය.
කෙසේ වෙතත් ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීමේ ජනාධිපති ට්‍රම්ප්ගේ තීරණයට ඩෙන්මාර්කය සහ ග්‍රීන්ලන්තය ඇතුළු රටවල් රැසක් සිය විරුද්ධත්වය ප්‍රකාශ කර ඇත.

