අද (8) මුම්බායි වන්කඩේ ක්‍රීඩාංගණයේ දී පැවති විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘C’ කාණ්ඩය යටතේ නේපාලයට එරෙහිව පැවති තරගයෙන් ලකුණු 4ක තියුණු ජයක් ලැබීමට එංගලන්ත කණ්ඩායම සමත් විය.
එංගලන්තය හා නේපාලය ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ හමුවූ පළමු අවස්ථාව මෙයවිය.
මෙහිදී ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් එංගලන්තයෙන් ලකුණු 185ක් ලබාගත් අතර එම ඉලක්කයකට පිළිතුරු ලෙස නේපාලය පන්දුවාර 20 තුළදී කඩුලු 6ක් දැවී ලකුණු 180ක් රැස්කළේය.
නේපාල ඉනිම ඔසවා තැබූ දිමෙන්ද්‍ර සිං පන්දු 29කින් ලකුණු 44ක් රැස්කළ අතර, ලෝකේෂ් බාම් ලකුණු 39(20)ක් හා නායක රෝහිට් පවුඩෙල් ලකුණු 39(34) රැස්කරමින් දක්ෂතා දැක්වූහ.
අවසන් පන්දුවාරයේදී නේපාලයට ලකුණු 10ක ඉලක්කයක් හිමිවුවද, ඔවුන්ට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 5ක් පමණි.
මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය පන්දුවාර 20 තුළදී කඩුලු 7ක් දැවී ලකුණු 185ක් රැස්කිරීමට සමත් විය.

