ට්‍රම්ප් ඉරානයට අනතුරු අඟවයි.. මැරෙනවාද.? යටත් වෙනවාද.?

ඉරානයට එල්ල කරන ප්‍රහාරයට අමෙරිකා එක්සත් ජනපදය සම්බන්ධ බවත් ඉරානය තුළ “ප්‍රධාන සටන් මෙහෙයුම්” ආරම්භ කර ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.

ඉරානයේ සන්නද්ධ හමුදා වන විප්ලවවාදී ආරක්ෂක භටයින්ට තම ආයුධ බිම තබන ලෙසත් නැතිනම් අනෙක් විකල්පය නිශ්චිත මරණය බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා ඇත.

ඉරාන මිසයිල විනාශ කිරීම සහ එහි නාවික හමුදාව විනාශ කිරීම අරමුණු කරගනිමින් මෙම ප්‍රහාර මාලාව දියත් කර ඇති බවත් ඉරානය සිය න්‍යෂ්ටික සහ බැලස්ටික් මිසයිල වැඩසටහන් ඉදිරියට ගෙන ගියහොත් ඔවුන් නැවත පහර දෙන බවද සඳහන් කරයි.

එක්සත් ජනපද හමුදාව ඉරානයේ ප්‍රධාන සටන් මෙහෙයුමක් ආරම්භ කළ බවත් ඔවුන්ගේ අරමුණ ඉරාන පාලන තන්ත්‍රයෙන් එල්ල වන තර්ජන තුරන් කිරීමෙන් අමෙරිකානු ජනතාව ආරක්ෂා කිරීම බවද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.

0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments