හෙට සහ අනිද්දා ඉන්ධන නිකුත් කරන හැටි

හෙට (31) දිනයේ සහ අනිද්දා (01) දිනයේ ඔත්තේ දිනයන් වීම හේතුවෙන් ඉන්ධන නිකුත් කිරීමේදී අනුගමනය කළ යුතු ක්‍රමවේදය පිළිබද සාකච්ඡා කරමින් ඇතැයි, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි.

ඒ සම්බන්ධයෙන් අද (30) දිනයේ අවසන් තීරණයක් ගන්නා බව එම සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් මයුර නෙත්තිකුමාර සඳහන් කරයි.

අංක තහඩුවේ අවසාන අංකය (0,2,4,6,8) නම් ඉරට්ටේ දිනවලත්, (1,3,5,7,9) යන අංක ඔත්තේ දිනවලත් ඉන්ධන නිකුත් කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පසුගියදා තීරණය කළේය.

Advertisements
Advertisements
0 Comments
Most Voted
Newest Oldest