සුනිත්‍ය බලශක්ති අධිකාරියෙන් ජනතාවට දැනුම්දීමක්

බලශක්ති සංරක්ෂණය වෙනුවෙන් අඩු ධාරිතාවක් සහිත බල්බ වෙත යොමුවන්නැයි සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සභාපති මහාචාර්ය විජේන්ද්‍ර ජයලත් බණ්ඩාර ජනතාවට දැනුම්දීමක් කරයි.

LED වැනි බල්බ සඳහා අඩු ධාරිතාවයක් වැයවන බවද සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සභාපති මහාචාර්ය විජේන්ද්‍ර ජයලත් බණ්ඩාර සඳහන් කරයි.

බලශක්ති සුරක්ෂිතතාව වෙනුවෙන් “සුරකිමු ලංකා” ජාතික වැඩසටහන ඊයේ (29) දින ආරම්භ වු අතර බලශක්තිය අරපිරිමැස්මෙන් පරිහරණය කිරීමට ජනතාව දිරිගැන්වීම මෙහි අරමුණ වේ.

මෙම වැඩසටහන ඊයේ (29) සිට ඉදිරි මාස පහක කාලයක් පස්වරු 6.00 සිට රාත්‍රී 10.00 දක්වා ක්‍රියාත්මකයි.

මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් මෙරට බලශක්ති සහ ඉන්ධන සැපයුමට එල්ල විය හැකි බාධා මෙන්ම ඉදිරියේදී ඇතිවිය හැකි “එල්නිනෝ” කාලගුණික තත්ත්වය පිළිබඳ අනාවැකි සැලකිල්ලට ගනිමින් රජය මෙම වැඩසටහන ක්‍රියාත්මක කර ඇත.

0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments