මැදපෙරදිග පවතින යුද ගැටුම් හේතුවෙන් හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා නෞකා ගමන් කිරීම නවතා දැමුවද මේ වනවිට ඒ හරහා ගමන් කරන නෞකා සංඛ්‍යාවේ යම් වර්ධනයක් දක්නට ලැබෙන බව වාර්තා වේ.
පාකිස්තාන ධජය සහිත නෞකා 20කට මෙම මුහුදු මාර්ගය හරහා ගමන් කිරීමට ඉරානය අවසර ලබාදී ඇති අතර දිනකට නෞකා දෙක බැගින් ගමන් කරයි.
ඉන්දියාවේ ධජය සහිත ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් ‘LPG’ රැගත් ඉන්දියානු නෞකා දෙකක් පසුගිය දිනවල මෙම මුහුදු මාර්ගය හරහා ගමන් කර ඇත.
මැලේසියාවේ පෝට් ක්ලැන්ග් බලා යාත්‍රා කරන චීන බහාලුම් නෞකා දෙකක් ඊයේ (30) දින සාර්ථකව මෙම මුහුදු මාර්ගය හරහා ගමන් කර ඇත.
ඉරානය ගල්ෆ් නැව් ගමනාගමනයට ප්‍රහාර එල්ල කර ඇති අතර මේ හේතුවෙන් නැව් සිය ගණනක් සහ නාවිකයින් 20,000ක් ගල්ෆ් මුහුදේ සිරවී ඇත.

