සටන් විරාමය පැත්තකට දමා ඉරානය නැවතත් හෝමූස් වසා දමයි

ඉරානය සහ අමෙරිකාව ඇතිකරගත් සටන් විරාමය මධ්‍යයේ ඉරානය හෝමූස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීමට පියවරගෙන තිබුණද ඊයේ (08) පස්රුවේ නැවතත් ඉරානය විසින් හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දමා ඇත.

ඒ අනුව නෞකා වලට හෝමූස් හරහා යාත්‍රා කිරීම තහනම් බවත් අවසරයකින් තොරව ගමන් කිරීමට උත්සාහ කරන ඕනෑම නෞකාවක් විනාශ කරන බවත් ඉරාන විප්ලවීය ආරක්ෂක බළකාය අනතුරු අඟවා ඇත.

කෙසේ වෙතත් ඊශ්‍රායලය විසින් ලෙබනනයට එල්ල කරන දැවැන්ත ප්‍රහාර මාලාව හේතුවෙන් හෝමූස් හරහා ගමන්ගන්නා නෞකා වලට මෙම තහනම පැනවූ බව ඉරාන මාධ්‍ය වාර්තා කරයි.

0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments