තම රටට අමෙරිකාවෙන් ප්‍රහාරයක් එල්ල වුවහොත් රට ආරක්ෂා කිරීම සඳහා මුළු ජනගහනයම බලමුළු ගන්වන බව කියුබානු ජනාධිපති මිගෙල් ඩයස්-කැනල් සඳහන් කරයි.
කියුබාව සාමකාමී ජාතියක් වන නමුත් අමෙරිකානු ආක්‍රමණයකදී තමන්ව ආරක්ෂා කර ගැනීමට සියලු උපක්‍රම භාවිතා කරන බවද ජනාධිපතිවරයා සඳහන් කරයි.
අමෙරිකානු ජනාධිපතිවරයාගේ තර්ජන උත්සන්න වීමෙන් පසු කියුබානු රජය සිය ජාතික ආරක්ෂාව ‘ඉහළම ප්‍රමුඛතාවයක්’ බවට පත් කර ඇති බවද ජනාධිපතිවරයා සඳහන් කරයි.
“කියුබාව යුද්ධයට ආරාධනා කරන හෝ එය ප්‍රවර්ධනය කරන රටක් නොවේ. නමුත් අපගේ මව්බිම ආරක්ෂා කර ගැනීම සඳහා යුද්ධයක් දියත් කිරීමට සිදුවුවහොත් අපි යුද්ධයට බිය නොවෙමු.”

