Advertisements
Advertisements

පාස්කු ප්‍රහාරය ගැන විදේශ රටකින් සුවිශේෂී සාක්ෂියක්

පාස්කු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වූ විමර්ශනයේ සුවිශේෂී සාක්ෂියක් මේ වනවිට විදේශගතව සිටින සාක්ෂිකරුවකුගෙන් ලබාගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අපේක්ෂාවෙන් සිටින බව වාර්තා වේ.

එම සාක්ෂිකරු යුරෝපීය රටක දේශපාලන රැකවරණය මත සිටින බව වාර්තා වේ.

මේ දිනවල පැවැත්වෙන ජාත්‍යන්තර පොලිස් සමුළුවකට සහභාගි වීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පිරිසක් මෙරටින් පිටත්ව ගොස් ඇත.

බොහෝ විට සුවිශේෂී සාක්ෂිකරුගේ සාක්ෂිය එම නිලධාරීන්ට සටහන් කරගැනීමට අවස්ථාවක් ලැබෙනු ඇතැයි වාර්තා වේ.

පාස්කු ත්‍රස්ත ප්‍රහාරය සහ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙක් වන සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන් යටතේ ක්‍රියාත්මක වූ කණ්ඩායමක් විසින් සිදු කරන ලද ඝාතන ඇතුළු අපරාධ රැසක් සම්බන්ධයෙන්ද එම සාක්ෂිකරු බොහෝ තොරතුරු දන්නා අයෙකි.

Advertisements
Advertisements
1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments