පහළ වායුගෝලීය කැලඹිලි ස්වභාවය හේතුවෙන් දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලපොරොත්තු වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ අනුව අද (09) බස්නාහිර, දකුණ සහ උතුරු පළාත්වලට උදෑසන කාලයේදීත් වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
තවද දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ප.ව. 1.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් ඇති බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ සහ උතුරු-මැද පළාත්වලට මෙන්ම ගාල්ල, මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවලට තද වැසි බලාපොරොත්තු වියහැකි අතර ඇතැම් ස්ථාන වලට මි.මී. 100 ඉක්මවූ වැසි ඇතිවීමේ හැකියාවක්ද ඇත.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.
