කුෂ් හා හෑෂ් මත්ද්‍රව්‍ය තායිලන්තයේ සිට මෙරටට රැගෙන ඒමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් චීවරධාරීන් 23දෙනා අද (12) දින මීගමුව මහේස්ත්‍රාත් සුභානි අබේසේකර හමුවට ඉදිරිපත් කළාය.
අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව චීවරධාරීන් 23දෙනා යළිත් එළඹෙන (26) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.
චීවරධාරීන් විසිදෙදෙනෙකු අප්‍රේල් (25) දින මෙරටට පැමිණි අවස්ථාවේ කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගත් අතර ඔවුන් රැගෙන ආ ගමන් මලුවල තිබී “කුෂ්” සහ “හෑෂ්” මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 112ක් හමුවීය.
