අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් නිවේදනයක් නිකුත් කර ඇත.
වත්කම් සහ බැරකම් ප්‍රකාශ මධ්‍යගත ඉලෙක්ට්‍රොකින පද්ධතිය මගින් ඉදිරිපත් කිරීම පිළිබඳව විවිධ බාහිර පාර්ශ්වයන් විසින් සිදුකරන ලබන නිවැරදි නොවන දැනුවත් කිරීම් සම්බන්ධව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මෙම නිවේදනය නිකුත් කර ඇත.
වත්කම් සහ බැරකම් ප්‍රකාශ කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ස්ථාපිත කර ඇති මධ්‍යගත ඉලෙක්ට්‍රොනික පද්ධතිය පිළිබඳව, එම පද්ධතියට තොරතුරු ඇතුළත් කිරීම පිළිබඳව සහ පද්ධතියට ප්‍රවේශ වීම පිළිබඳව කොමිෂන් සභාවේ නිලධාරීන් නොවන වෙනත් පුද්ගලයින් විසින් විවිධ දැනුවත් කිරීම් සිදුකරන බවට මේ වන විට නිරීක්ෂණය වී ඇත.
මෙලෙස සිදුකරන ලබන දැනුවත් කිරීම්වලදී නිවැරදි නොවන තොරතුරු සහ මෙම ඉලෙක්ට්‍රොනික පද්ධතියේ භාවිතය පිළිබඳව නිවැරදි නොවන ක්‍රමවේදයන් අදාළ පුද්ගලයින් විසින් සන්නිවේදනය කරනු ලබන බවද කොමිෂන් සභාවට මේ වන විට නිරීක්ෂණය වී ඇති බවද සඳහන් කරයි.
එනිසා කොමිෂන් සභාව හෝ එහි නිලධාරීන් නොවන වෙනත් බාහිර පුද්ගලයින් විසින් සිදුකරනු ලබන එවැනි දැනුවත් කිරීම් පිළිබඳව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වගකීමක් දරනු නොලබන බවද කොමිසම සඳහන් කරයි.
එම මධ්‍යගත ඉලෙක්ට්‍රොනික පද්ධතියට තොරතුරු ඇතුළත් කිරීම සම්බන්ධව මතුවන ගැටලු පිළිබඳව කොමිෂන් සභාවේ වත්කම් බැරකම් ප්‍රකාශ අංශයේ 0767011954 සහ 0112587284 යන දුරකථන අංක මගින් පමණක් නිරාකරණය කර ගත හැකි බවද කොමිසම සඳහන් කරයි.
