කොළඹ පොදු සුසාන භූමියක සඟවා තිබූ ආයුධ කිහිපයක් සොයාගැනීමට පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය සමත් වී ඇත.
ඒ අනුව මෙරටදී නිෂ්පාදනය කළ මිනි ඌෂි වර්ගයේ ස්වංයක්‍රීය ගිනිඅවියක් සහ විදෙස් රටක නිෂ්පාදිත පිස්තෝලයක්, මැගසිනයක් හා උණ්ඩ 3ක් කොළඹ පොදු සුසාන භූමියක සඟවා තිබියදී සොයාගෙන ඇත.
ඩුබායිහී සිට මෙරටට පිටුවහල් කළ මහවත්තේ චාමර නම් අපරාධකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී හෙළිවූ තොරතුරු අනුව මෙම ආයුධ සොයාගෙන ඇත.
පසුගියදා ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කළ මහවත්තේ චාමර නැමැති අපරාධකරු මේ වනවිට පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ රඳවා සිටියි.

