උතුරු ජපානයේ රික්ටර් මාපක 6.9ක ප්‍රබල භූකම්පනයක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
භූකම්පනය ඉවාටේ හි උතුරු ප්‍රදේශයෙන් ඔබ්බෙන් සිදුව ඇති අතර එහි කේන්ද්‍රය කිලෝමීටර 50ක් ගැඹුරින් පිහිටා ඇති බව ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය සඳහන් කරයි.
ජපානය පෘථිවියේ භූ තැටි සක්‍රීයව පිහිටා ඇති කලාපයකට අයත් රටක් වන අතර මේ නිසාවෙන් එරට නිරන්තරයෙන්ම විවිධ ප්‍රමාණයේ භූකම්පන හටගනී.
