Advertisements

රඛිත සහ චරිත් අල්ලස් මුදලින් සුඛෝපභෝගී වාහන සහ දේපළ මිලදී ගනී.?

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නදුන් චින්තක නොහොත් ‘හරක් කටා’ නමැත්තාට සහන සැලසීමට යැයි පවසා අල්ලස් ලෙස ලබාගත් රුපියල් ලක්ෂ 1,200ක මුදලින් චරිත් අබේසිංහ සහ රඛිත රාජපක්ෂ ඇතුළු සැකකරුවන් සුඛෝපභෝගී වාහන සහ දේපළ මිලදීගෙන ඇත්දැයි සෙවීමට විමර්ශන ක්‍රියාත්මක බව අල්ලස් කොමිසම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේ.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සහකාර අධ්‍යක්ෂ ජනරාල් අනූෂා සම්බන්ධප්පෙරුම සඳහන් කළේ,

මේ සිදුවීම පිළිබඳ හරක් කටාගේ බිරිඳ මදුෂානි නැමැත්තිය ලිඛිතව පොලිස්පතිවරයා වෙත පැමිණිලි කර තිබෙනවා. ඒ වගේම හර්බි නැමැත්තා දිවුරුම් ප්‍රකාශයක් ලබාදී තිබෙනවා.

විමර්ශන නිලධාරින් රැඳවුම් භාරයේ සිටින නදුන් චින්තක හෙවත් හරක් කටාගෙන් සහ මිදිගම රුවන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙනත් තියෙනවා. මේ මුදල්වලට කුමක්ද සිදුවූයේ කියා වැඩිදුර විමර්ශන කළ යුතුයි.

දැනට අනාවරණය ඇති ආකාරයට මේ තෙවන සැකකරු තමයි උන්ඩියල් ක්‍රමයට අදාළ මුදල් ලංකාවට ගෙනල්ලා තියෙන්නේ. අදාළ කාලයේදී පළමු සහ දෙවන සැකකරුවන් සුඛෝපභෝගී වාහන මිලදී ගැනීම් සහ නිවාස ඉදිකිරීම් සිදුකර ඇති බැවින් ඒ පිළිබඳවද විමර්ශකයින්ගේ අවධානය යොමු වී තිබෙනවා.”

Advertisements
Advertisements
1 Comment
Most Voted
Newest Oldest