ඉරාන උත්තරිතර නායක අයතුල්ලා අල් කමේනිගේ අවමංගල්‍ය උත්සවයේ දෙවැනි දිනය අද (05) වන අතර දේහය ටෙහෙරාන් නුවර පිහිටි ග්‍රෑන්ඩ් මොසල්ලා ඉස්ලාම් දේවස්ථානයේ තැන්පත් කර ඇත.
උත්තරිතර නායක අයතුල්ලා අල් කමේනිගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මේ වනවිටත් පැමිණෙමින් සිටින බව එරට මාධ්‍ය වාර්තා කරයි.
ලබන (09) වනදා දක්වා පැවැත්වෙන අවමංගල්‍ය උත්සවයේදී මිලියන 10කට අධික පිරිසක් දේහයට අවසන් ගෞරව දැක්වීමට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බව එරට මාධ්‍ය වාර්තා කරයි.
පසුගිය පෙබරවාරි මස (28) වැනිදා අමෙරිකාව සහ ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් හිටපු උත්තරිතර නායක අයතුල්ලා අල් කමේනි මියගියේය.
