Advertisements

තව දින කිහිපයයි.. ජනතාව වෙනුවෙන් සියල්ල පරීක්ෂා කරයි

පොදු ප්‍රවාහනයේදී සිදුවන රිය අනතුරු වලට ප්‍රධාන හේතුව වී ඇත්තේ රියදුරන්ගේ නොසැලකිල්ල සහ වාහනවල පවතින විවිධ දුර්වලතා බව මාර්ග ආරක්ෂාව පිළිබඳව ජාතික කවුන්සිලයේ සභාපති මංජුල කුලරත්න සඳහන් කරයි.

එනිසා පොදු ප්‍රවාහන සේවා සපයන බස් රථ ඇතුළු සියලු රථවල තත්ත්ව පරීක්ෂාවක් සිදු කිරීමට තීරණය කර ඇති බවත් මෙම ක්‍රියාවලිය සැප්තැම්බර් මාසයේ සිට ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවද එහි සභාපති මංජුල කුලරත්න සඳහන් කරයි.

බස් රථ ඇතුළු සියලු වාහනවල තත්ත්ව පරීක්ෂාව සඳහා සුදුසුකම් ලත් තාක්ෂණික නිලධාරීන් බඳවා ගැනීම වෙනුවෙන් මේ වනවිට අයදුම්පත් කැඳවා ඇති බවද එහි සභාපති මංජුල කුලරත්න සඳහන් කරයි.

අනතුරුව සැප්තැම්බර් අග වනවිට මෙම ක්‍රියාවලිය ආරම්භ කිරීමට හැකි වනු ඇති බවද එහි සභාපති මංජුල කුලරත්න සඳහන් කරයි.

Advertisements
1 Comment
Most Voted
Newest Oldest