Advertisements

‘ඩෑන් ප්‍රියසාද් මරලා දැම්මා.. මේක අභිරහසක්’

කන්ටේනර් 323 සම්බන්ධයෙන් පැමිණිලි කළ ඩෑන් ප්‍රියසාද් මරලා දැම්ම බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත සඳහන් කරයි.

හිටපු පොලිස්පතිවරයාගේ සියදිවි නසාගැනීම සම්බන්ධයෙන් විශාල කතාබහක් තිබෙන බවත් ප්‍රධාන පුද්ගලයන්ගේ මියයාම අභිරහස් ආකාරයක් බව හිටපු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත සඳහන් කරයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත සඳහන් කළේ,

එක පැත්තකින් ⁣කන්ටේනර් 323 සම්බන්ධයෙන් පැමිණිලි කරපු ඩෑන් ප්‍රියසාද් මහත්තයා මරලා දැම්මා. එයාර් බස් ගණුදෙනුව සම්බන්ධ ඒ අදාළ මහත්තයත් මියයාම සම්බන්ධයෙන් විශාල ප්‍රශ්නයක් තියෙනවා.

ඒ වගේම ඩොලර් මිලියන 2.5 සම්බන්ධයෙන් ගත්තාම, ඒ පුද්ගලයා බලනහර කපා ගැනීමේ කියන කාරණය රාජපක්ෂ මහත්තයා සම්බන්ධයෙන් ගත්තාම විශාල ගැටලුවක්.

නන්දන ගුණතිලක මහත්තයා මියයාම සම්බන්ධයෙන් විශාල කතාබහක් තියෙනවා. ඒ එක්කම වර්තමානයේ මේ පොලිස්පතිතුමා සියදිවි නසාගත්තා කියන එක. අපිට තේරෙන්නේ නෑ. ප්‍රධාන පුද්ගලයන් මේ විදිහට මියයාම කියන එක අභිරහස් ආකාරයක්.”

Advertisements
4 Comments
Most Voted
Newest Oldest