Advertisements

කාලගුණය කැළඹෙයි.. අවවාදාත්මක නිවේදනයක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇත.

අද (20) දින පෙ.ව. 11.00ට නිකුත් කළ මෙම අවවාදාත්මක නිවේදනය හෙට (21) දින පෙ.ව. 11.00 වන තෙක් වලංගු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව දිවයින හරහා පවතින සක්‍රීය නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම්වලටත්, උතුරු, උතුරු-මැද සහ මධ්‍යම පළාත් වලටත්, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක වලටත් වරින් වර පැයට කිලෝමීටර 40ත් 50ත් අතර පමණ වන තද සුළං ඇතිවිය හැකි බවද සඳහන් කරයි.

එනිසා එම ප්‍රදේශවල ජීවත්වන ජනතාවට මේ සම්බන්ධයෙන් අවධානයෙන් සහ සූදානමින් සිටින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

Advertisements
0 Comments
Most Voted
Newest Oldest