Advertisements

වෙළඳපොළේ මාළු මිල ගණන් ඉහළ⁣ට

මේ දිනවල වෙළඳපොළේ මාළු මිල ගණන් යළිත් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

සිල්ලර වෙළඳපොළේ තලපත් කිලෝවක් රුපියල් 2,600කට, කෙලවල්ලා රුපියල් 2,100කට, සාලයා රුපියල් 1,100කට, හුරුල්ලා රුපියල් 1,300කට අලෙවි වන බව පාරිභෝගිකයින් සඳහන් කරයි.

තවද, පරා කිලෝවක් රුපියල් 2,100කට, හැඩැල්ලා රුපියල් 1,800 කට, ලින්නා රුපියල් 1,000 කට, අලගොඩුවා රුපියල් 1,300කට සහ ඉස්සා රුපියල් 2,100කට අලෙවි වන බව පාරිභෝගිකයින් සඳහන් කරයි.

Advertisements
0 Comments
Most Voted
Newest Oldest