Advertisements

ඉන්දියාවේ පළමු ඩෙංගු එන්නත

සිය පළමු ඩෙංගු එන්නත (Vaccine) ඉන්දියාව අනුමත කරගෙන ඇති අතර ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඩෙංගු බහුලව පවතින කලාප සඳහා මෙම එන්නත නිර්දේශ කර ඇත.

ඉන්දියාවේ ඖෂධ පාලක ජෙනරාල් විසින් මෙම ‘QDENGA’ ඩෙංගු එන්නත භාවිතය සඳහා අවසරය ලබාදී ඇති අතර මෙය මිලිලීටර් 0.5ක එන්නත් මාත්‍රා දෙකක් ලෙස මාස තුනක කාලයක් ලබාදීම සිදු කරයි.

මෙම නව එන්නත වයස අවුරුදු 4 සිට 60 දක්වා පුද්ගලයින් සඳහා අනුමත කර ඇති අතර මීට පෙර ඩෙංගු වැළඳී තිබුණද, නොතිබුණද මෙය ලබාගත හැකි බවද සඳහන් කරයි.

මෙම ‘QDENGA’  එන්නත ලෝක සෞඛ්‍ය සංවිධානයේ පූර්ව සුදුසුකම් ලබා ඇති අතර එමඟින් ජාත්‍යන්තර ගුණාත්මකභාවය, ආරක්ෂාව සහ ඵලදායීතාවය තහවුරු කර ඇත.

2022 සිට ‘QDENGA’ ඩෙංගු එන්නත රටවල් 43ක අනුමත කර ඇති අතර ගෝලීය වශයෙන් මාත්‍රා මිලියන 32කට වඩා බෙදා හැර ඇත. 

Advertisements
2 Comments
Most Voted
Newest Oldest