Advertisements

ආයතන 11කට වැඩ වරදී.. මහ බැංකුවෙන් දැඩි තීරණයක්

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මූල්‍ය ආයතන ඇතුළු ආයතන 11කට එරෙහිව රුපියල් එක් කෝටි හතලිස් හය ලක්ෂයක (14,600,000) පරිපාලනමය දණ්ඩන පනවා ඇත.

මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ විධිවිධාන වලට අනුකූලව කටයුතු කිරීමට අපොහොසත් වීම හේතුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව මෙම තීරණය ගෙන ඇත.

එම පරිපාලනමය දණ්ඩන මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ හා ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ ආයතනය ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය විසින් පනවා ඇත.

එම ආයතන වන්නේ එල් බී ෆිනෑන්ස් පීඑල්සී, කාර්ගීල්ස් බෑන්ක් පීඑල්සී, එල් ඕ එල් සී සෙකියුරිටීස් ලිමිටඩ්, ජනශක්ති ෆිනෑන්ස් පීඑල්සී, සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී, ඉන්දියන් ඕවර්සීස් බෑන්ක්, සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් කම්පැනි පීඑල්සී, කළම්බො ජුවලරි ස්ටෝර්ස් ප්‍රයිවට් ලිමිටඩ්, සේයිස් ප්‍රයිවට් ලිමිටඩ්, ස්වර්ණමහල් ජුවලර්ස් ලිමිටඩ්, හාබර් විලේජ් ප්‍රයිවට් ලිමිටඩ් යන මූල්‍ය හා එසේ නොවන ආයතනයි.

Advertisements
0 Comments
Most Voted
Newest Oldest